”ඒක සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක්” – ශානිකා මධුමාලි

0
186

”මගේ නමින් හදපු බොරු facebook ගිණුම් විශාල ප්‍රමාණයක් තියෙනවා‍‍”

”ඔව්. ඒක ඇත්ත…..”

”අයියෝ ඒ ගැන තවම හිතලාවත් නැහැ”

”දැන්ම එයා ගැන වැඩි විස්තර කියන්න බැහැ”

ශානිකා මධුමාලි කියන්නේ දක්ෂ ගායිකාවක්. නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් ඇතැම් අවස්ථාවල ඇය ප්‍රසංග වේදිකා එක්ක එකතු වෙනවා. නිහඬව ඉන්න හේතුව මොකක්ද කියලා වගේම ඇයගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතක් එක්ක ශානිකා කතා කර තිබුණා.

මොකද මේ දවස්වල වැඩි සද්දයක් නැත්තේ?
සද්දයක් නෑ වගේද දැනෙන්නේ. ඒත් මම නම් කාර්යබහුලයි. ප්‍රසංග වේදිකාව තුළ වැඩ ගොඩක් ලැබෙනවා.

අලුත් නිර්මාණයක් එහෙමත් ළඟ දී කළේ නෑ නේද?
දෙස් විදෙස් ප්‍රසංග නිතරම ලැබෙනවා. මේ වසරේ වගේම ගිය වසරේත් විදෙස් ප්‍රසංග සඳහා තමයි වැඩි කාලයක් වෙන් වුණේ. ඒ හින්දා මගේම නිර්මාණයක් ගැන හිතන්න කාලයක් තිබුණේ නැහැ. ඒත් මම වෙනත් අයගේ නිර්මාණවලට නම් සම්බන්ධ වුණා.

වෙනත් අයගේ නිර්මාණ කිව්වේ?
වෙනත් ගායකයන්ගේ ගීත සඳහා යුග ගායනයෙන් එකතු වුණා.

මොනවාද සාමාන්‍ය ජීවිතේ තොරතුරු?
සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.

ශානිකා ඔහොම කිව්වට අපිට නම් ශානිකා ගැන ලොකු ආරංචියක් ලැබුණා.
අපොයි ඒ මොකක්ද?

ශානිකා ළඟදි විවාහ වෙන්න යනවලු?
අයියෝ ඒ ගැන තවම හිතලාවත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක්.

අපිට ඔහොම කිව්වට ශානිකා තමන්ගේ පෙම්වතා එක්ක ගත්තු ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවලු. මේ මගේ පෙම්වතා. ළඟදි ”අපි විවාහ වෙනවා” කියලා ශානිකා ඒ පින්තූර එක්ක සටහනකුත් තබලා තියෙනවාලු?

ඔය කියන විදියේ සටහනක් එක්ක ඔය කියන විදියේ photos මම නම් දැම්මේ නැහැ. ඒත් මගේ නමින් හදපු බොරු facebook ගිණුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. facebookවලින් කරන ඔය වගේ දේවල් සමහර වෙලාවට මම දැනගන්නෙත් කවුරුහරි කිව්වම තමයි.

ඒත් පෙම්වතෙක් ඉන්නවානේ?
ඔව්. ඒක ඇත්ත. දැන්ම එයා ගැන වැඩි විස්තර කියන්න බැහැ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here