යාපනය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් කිහිපයකට පන්ති තහනමක්

0
3

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තුන් වැනි හා හතර වැනි වර්ෂවල සියලුම සිසුන්ගේ පන්ති දින නියමයක්‌ නොමැතිව තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය 11 දා රාත්‍රි තීරණය කොට තිබේ.

එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තුන්වැනි හා හතර වැනි වසරවල සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හතර දෙනකු තුවාල ලබා 11 දා සවස රෝහල්ගත කිරීමත් සමඟම මේ තීරණය ගෙන ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ආර්. විග්නරාජා මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ සාදයක්‌ පවත්වමින් සිටින අතරතුර ඒ ස්‌ථානයට පැමිණි සිසුන් දෙදෙනකු ඔවුන්ට උසුළු විසුළු කිරීම මත හටගත් ආරවුලක්‌ මෙම ගැටුමට හේතු වී තිබේ. එම ශිෂ්‍ය කණ්‌ඩායම් දෙක අතර පෞද්ගලික ආරවුලක්‌ බොහෝ කලක සිට පැවති බව ද යාපනය විශ්වවිද්‍යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පරීක්‌ෂණයක්‌ ආරම්භ කොට තිබේ.

ගැටුම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්‌ කොට නැතත් තුවාල ලැබූ සිසුන්ගෙන් යාපනය රෝහල් පොලිසිය කට උත්තර ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ ආරම්භ කොට තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here