”අම්මා බැරෑරුම්කම ගැන නොහිතපු කෙනෙක්” – ශ්‍රීදේවි ගැන ජාන්වී කපූර්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

0
97

“එයාට ඕන වුණා මම වෛද්‍යවරියක් වෙනවා බලන්න…”

“මම දන්නේ නැහැ මම ඇයි ඒකට අකමැති කියලා..”

කපූර් පවුල ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පවුලක්. පරම්පරා කිහිපයක්ම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින මේ පරම්පරාවේ කෙනෙක් විදිහට ජාන් වී කපුර්වත් හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී දේවිගේ ආදරණිය දියණිය දැන් සිනමාවට පිවිසිලා. ‘Dhadak’ සිනමාපටය මෙම මස 20 වැනි දින තිරගතවීමට නියමිතයි. ඒ ගැන ඇය මේ විදිහට ඉන්දියානු පුවත්පතක් සමග කතා කර තිබුණා. මේ එහි පරිවර්ථනයයි

ඔබ සම්බන්ධ වෙන මුල්ම සිනමාපටය විකාශය ආරම්භ වෙනවා. මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ වගේම මාධ්‍ය ඔස්සේ ඔබ ගැන වැඩිපුර කතාබහ කරනවා. ඒ ප්‍රසිද්ධිය ඔබට කරදරයක් හැටියට දැනෙන්නේ නැද්ද..?
ඒක ඇත්ත. නමුත් මට හොඳට හුරුපුරුදුයි ජනතාවගේ ප්‍රතිචාර. මොකද මගේ අම්මා තමයි මට එය හුරු කළේ. ඇයට විශාල රසික ප්‍රතිචාර තිබුණු කෙනෙක්. ඒ හුරුව මටත් තියෙනවා. Dhadak කියන චිත්‍රපටය රූගත කරද්දී පවා මට අම්මා උදව් කළා. චිත්‍රපටය ප්‍රේක්ෂකයින් අතරට ගෙන යන්න ඕන කියලත් ඇය මට කිව්වා. එතැන දී ඔය කියන ප්‍රතිචාර බලාපොරෝතුතු වෙන්න සිද්ධ වෙනවා. සියලු දේම මම සමව විඳින්න පුරුදු වෙනවා.

ඔබ පිටට යද්දී දැන් ඔබේ පසුපසින් කැමරා එල්ල වෙනවා. සාමාන්‍ය ජිවිතයක් ගත කළ ඔබට එය වෙනසක්. ඊට මුහුණ දෙන්නේ කොහොමද..?
මම ඒ ගැන සතුටු වෙනවා නිහතමානිව. මගේ අලුත් සිනමාපටය නිසයි මට එවැනි ආකර්ශනයක් එන්නේ. ඒ ගැන සතුටු වෙනවා මිසක් ඒ ගැන ඕනවට වඩා නොහිතන්නයි මම හිතාගෙන ඉන්නේ. මම කිසිදෙයක් බරපතල විදිහට හිතන්නේ නැහැ. සිනමාපටය නිසා මං ගැන කතා කරාවි. ඒ කතාබහ මගේ ජීවිතය වෙනස් කරාවී. මගේ අනාගතයට මේ සිනමාපටය සුබ ලකුණක් වේවි.

ඔබට රංගන ශිල්පිනියක් වෙන්න අවශ්‍යයි කියා ඔබ මවට කියූ මොහොතේ මවගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද..?
අම්මා ශබ්ධ නගා හිනා වෙලා අයිය යියෝ කියලා තමයි සතුට ප්‍රකාශ කළේ. මම හිතන්නේ මම රඟපානවට අම්මාගේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ.

ඔබේ මව ජීවත්ව සිටිය දී රංගන වෘත්තියෙහි නිරතවීම සඳහා අවශ්‍ය දිරිමත් කිරීම කොයි විදිහටද කළේ.. ඔබ මවව අනුගමනය කළාද, එහෙම නැතිනම් ඔබ අනුගමනය කරන චරිතයක් ඉන්නව ද..?
මම හිතන්නේ නැහැ මගේ අම්මාගෙන් කිසිම දෙයක් අනුකරණය කරන්න පුළුවන් කියලා. මම අම්මාගේ දක්ෂම රංගනය දැක්කේ English Vinglish චිත්‍රපටයේ. ඒ ඉන්නේ මගේ අම්මාම තමයි. මම අම්මාගේ අනෙක් චිත්‍රපට එතරම් බලා නැහැ. හේතුව මම ඉතා කුඩා දැරියක්ව සිටි නිසයි. කොහොම නමුත් මම කාවවත් අනුකරණය කරන්නේ නැහැ. මගේ අම්මාගේ රංගන දක්ෂතා දැක්කා. ඉන් ඉගෙන ගන්න බොහෝ දේ මට තිබෙනවා. අම්මාගේ නිර්මාණ මට බලන්න බැරි තරම් මට වේදනාකාරියි. ඇතැම් අවස්ථාවල මම චිත්‍රපටය නරඹන එක පැත්තකින් තියලා අඬලා තියෙනවා. English Vinglish චිත්‍රපටයේ කමල් හසන්ගේ රඟපැමත් විශිෂ්ඨයි.

ඔබ රංගන වෘත්තියෙ යෙදීම මවව වේදනාවට පත් කිරීමක් කියලත් කතාවක් තිබුණා..?
අම්මා නිතරම අපි ගැන බය වුණා. එයා නිතරම කිව්වේ එයා චිත්‍රපට 400ක විතර රඟපාලා තියෙනවා. ඒත් ඔයාව ඒ සඳහා යොමු කරන්න මට බයක් තියෙනවා කියලයි. ඒ වෙලාවට මම අම්මාට කිව්වා ” අම්මේ මට ඕන කැපවෙලා මහන්සි වෙලා වැඩ කරන එක. මම ඒකට කැමතියි. මම හොඳින් කරනවා කියලා ඔයාට පොරොන්දු වෙනවා…” කියලා. ඇත්තටම අම්මා අපිට හරිම ආදරෙයි. මගේ අම්මාගේ බලාපොරොත්තුව අපි හොඳින් සතුටින් ජිවත්වීම ඒ වගේම මේ ලෝකේ මිනිස්සු විවිධයි කිව්වා. ඒ නිසා පරිස්සමින් කල්පනාවෙන් ජිවත් වෙන්න ඕන කියලත් එයා නිතරම කිව්වා. ඒ බලාපොරොතු මගේ අලුත් චිත්‍රපටය ඔස්සේ ඉටු වෙනවා කියන හැඟීමක් මට දැන් තියෙන්නේ.

වෙනත් වෘත්තියකට ඔබ යොමු වෙනවට මව කැමැත්තෙන් හිටියා නේද..?
ඔව්. එයාට ඕන වුණා මම වෛද්‍යවරියක් වෙනවා බලන්න. මම දන්නේ නැහැ මම ඇයි එකට අකමැති කියලා. මම අම්මට කිව්වා දවසක් අම්මේ මට සමා වෙන්න මම කැමති නැහැ වෛද්‍ය වෘත්තියට කියලා.

මවගේ රංගන ජිවිතයේ බැරෑරුම් ජිවිතේ ගැන ඔබත් එක්ක කතා කර තිබෙනව ද..?
අම්මා හරිම විනෝදකාමී කෙනෙක්. අපි වැඩිපුරම කතා කරන්නේ නිදා ගන්න යන වෙලාවට. එයා විහිළු කතා කියනවා. අම්මා රංගන ජිවිතෙවත් පවුල් ජිවිතෙවත් වදයක් කියලා හිතපු කෙනෙක් නෙමෙයි. ජිවිතේ ලස්සනට ගෙව්වා. එයා නිතරම කතා කළේ ධනාත්මක දේවල්. වැරදි දේවල් ගැන හිතුවේ නැහැ. මට හොඳටම උන හැදිලා හිටපු දවසක හොඳටම වැස්ස. මම වැස්සේ නටන්න හරි ආසයි. මම උන කියලා හිතෙන්නේ නැතුව වැස්සේ නැටුවා. අම්මා එදා මොකුත්ම කිව්වේ නැහැ. හරි දෙයක් නම් ඒ දේ කරන්න ඉඩ දෙනවා. මම හිතන්නේ අම්මා බැරෑරුම්කම ගැන නොහිතපු කෙනෙක්.

ඔබේ වගේම ඔබේ මවගේ වෘත්තිය ජිවිත ගැන පියා ප්‍රතිචාර දැක්වුවේ කොයි විදිහටද..?
එයා හරියට පොඩි ළමයෙක් වගේ. තාත්තා හැටිම උපකාරශීලි කෙනෙක්. අපිට ඕනෑම දෙයකට උදව් කරනවා. මම හිතන්නේ අම්මා වගේම තාත්තාත් මහන්සි වෙලා වැඩකරන දෙන්නෙක්. රඟපාන හෝ නිෂ්පාදන කටයුතු කියන්නේ උදේ 09 හවස 05 රස්සාවක් නෙමෙයි කියලයි තාත්තා අපිට උගන්වලා තියෙන්නේ. හොඳ මනුස්සයෙක් විදිහට සමාජයේ ජිවත් වෙන්නේ කොහොමද කියලා මේ දෙන්නම අපිට කියලා දුන්නා. ඔවුන් හොඳ දෙමාපියන්. ආදරණිය මිනිසුන් කිව්වොත් හරි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here