මහනුවර ඇති වූ ගැටුම් සොයා බලන්න ජනපතිගෙන් විමර්ෂන කමිටුවක්

0
10

පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවිමි පිලිබදව විමර්ශනය කිරීම සදහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව විශ‍්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත ය.

‍මෙම කළහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූර්ණය කිරීම, මෙම සිදුවීම් පිටුපස කුමන්ත‍්‍රණකාරී හස්තයන් ක‍්‍රියාත්මක වූයේ ද යන්න පිළිබදවත්, අනාගතයේ දී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සදහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට අදාළ බලධාරීන් ක‍්‍රියාත්මක වූ ආකාරය පිලිබඳවත් මෙම ජනාධිපති කමිටුව මගින් විමර්ෂණය කිරීමට නියමිත බවයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here