මහනුවර පරීක්ෂණ අලුත් පැත්තකට

0
3

මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන පිරීක්සීමට පොලීසිය පියවර ගෙන තිබේ.

දැනටමත් එලෙස දර්ශන පිරික්සීමෙන් ඇතැම් පුද්ගලයින් හඳුනාගෙන ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

එම සී.සී.ටී.වී. දර්ශන පිරික්සීම සඳහා පොලීසිය විශේෂ කණ්ඩායමක් ද යොදවා තිබේ.

ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවලට හානි කිරීමෙන් පසු ඇතැම් පුද්ගලයින් එහි තිබූ භාණ්ඩ කොල්ල කා ඇති බවට ද තොරතරු ලැබී ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර, ගැටුම්කාරී සිද්ධිවලින් පසු හානි සිදු වූ දේපළ සඳහා කඩිනමින් වන්දි ගෙවීමට ද ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවක දී තීරණය වී තිබේ.

තම දේපළ හානිවීම් පිළිබඳ පොලීසියට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, තවමත් එම පැමිණිලි ඉදිරිපත් කර නොමැති නම් හැකි ඉක්මනින් ඒවා ළඟ ම පිහිටි පොලිස් ස්ථානය වෙත වාර්තා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here