බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් නිසා කරාපිටියේ විරෝධතවයක්

0
14

Image result for karapitiya

බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන රිචර්ඩ් ෆර්මන්ට කරාපිටිය ශික්ෂණ රෝහලේ සැත්කම් සිදු කිරීමට අවසර ලබාදීමට විරෝධය පළ කරමින් සේවාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව තීරණය කර තිබේ.

ප්‍රශ්නගත රිචර්ඩ් ෆර්මන් වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවයට පැමිණියහොත් එතැන් සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ඔවුන් පවසා සිටී.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කේ ටී සමරරත්න කියා සිටියේ ප්‍රශ්න ගත වෛද්‍යවරයාට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව මගින් නිකුත් කළ බලපත්‍රයක් ද නොමැති බව ය.

විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සේවය කරන්නේ නම් ඒ සඳහා එම වෛද්‍යවරයා තම මව් රටේ වෛද්‍ය සභාවෙන් ලබාගත් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බවත් එය ශ්‍රී ලංකාවේ පිළිගත් ප්‍රතිපත්තියක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර කියා සිටියේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here