කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කළ බව එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ප්‍රකාශ කරයි.
ඔහු කියා සිටියේ දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමග හෘද සැත්කම් සිදුකිරීමට තමන් තීරණය කළ බවයි.
වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් නතර කෙරුණේ පසුගිය මස 14 වැනි දා ය.
හෘද රෝගීන් සැත්කම්වලට භාජනය කිරීමෙන් අනතුරුව, රෝගීන් ඇතුළත් කෙරෙන්නේ මෙම දැඩි සත්කාර ඒකකයටවන අතර, එලෙස ඇතුළත් කෙරුණු රෝගින් කිහිපදෙනෙකු පසුගිය මාසයේ දී විෂබීජ ශරීර ගතවීම නිසා මියගොස් ඇත.
මෙම මරණවලට හේතුව රෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වීම බව පසුව අනාවරණ විය. මේ අතර කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකයේ ද අලුත්වැඩියා කටයුතු නිරන්තරයෙන් සිදුවන බවට වාර්තා වේ.