කත්මණ්ඩු ගුවන්තොටුපළ වසා දැමේ

0
23

නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපළ අද (20) තාවකාලිකව වසා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, මැලේසියානු ගුවන් යානයක් කත්මණ්ඩු ගුවන් තොටුපළට ගොඩබැස්සවීමේ දී සිදු වූ අනතුරක් හේතුවෙනි.

එම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන තිබූ අතර, පැය කිහිපයක් යනතුරුම එය ධාවන පථයෙන් ඉවත් කර නොතිබුණි.

අනතුර සිදුවන විට කාර්ය මණ්ඩලයේ සහ මගීන් 139 දෙනෙකු එහි රැඳී සිට ඇති අතර ඔවුන්ට අනතුරක් සිදු ව නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here