ඊමේල් සහ ෆේස්බුක් හරහා ලැබෙන පණිවුඩයක් ඔස්සේ සිය ෆේස්බුක් මුරපද සොරා ගැනීමේ සිද්ධීන් පිළිබඳ අවදානයෙන් සිටින ලෙසට පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරයි.
එම පණිවුඩය විවෘත කිරීමත් සමඟ යළි ෆේස්බුක් මුරපද ඉල්ලා සිටින අතර එය ලබාදීමෙන් ෆේස්බුක් මුරපද වෙනත් පාර්ශවයකට ලබාගත හැකි බව එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කරයි.
ඒ හේතුව නිසා හැකි තාක් දුරට එම පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසට ද ඔහු ඉල්ලීමක් කරයි.