දෙදෙනාගේම කාර්යබහුලත්වය නිසා කෝලි – අනුෂ්කා තීරණයක් ගනී

0
566

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි වගේම ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා කියන්නේ අතිශයින් ජනප්‍රිය තරුවක්.

විරාත් කෝලි සම්බන්ධයෙන් වාර්තාවන අලුත් ම තොරතුරු අතර තිබෙන්නේ ඔහු මේ දිනවල දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිවාඩු ගන්න කෝලි තීරණය කර ඇති පුවතකි.

ඊට හේතුවවන්නේ ඔහු සිය බිරිඳවන අනුෂ්කා සමග විදෙස් රටවල් කිහිපයක සංචාරය කිරීමයි. සිය විවාහය නිමාවත් සමග ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග නිසා කාර්යබහුල වූ විරාත් මේ දිනවල සිය පෞද්ගලික ජීවිතයට වැඩි තැනක් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.

ඔවුන් පසුගිය සති අන්තයේ දී සිය විවාහය සිදු වූ ඉතාලියේ රෝම නගරයට ගොස් තිබුණ අතර, එහි දින කිහිපයක්ද ගත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත්, එම සංචාරය නිමාවත් සමග නැවත ඉන්දියාවට පැමිණිමට විරාත් සිදු වූ අතර, ඒ ඉන්දියාවේ ප්‍රකට ඉලේක්ට්‍රොනික් සමාගමක් වූ ‘පිල්ප්ස්’ සමාගමේ ලාංඡන තනාපති ලෙස වැඩ භාර ගැනීමට කියලයි වාර්තා වෙන්නේ.

මෙම කාර්ය අවසන් වූ වහාම ඔවුන් නැවතත් චීනයේ හා මැලේසියානු රටවල සංචාරය කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here