කිම් ජොං අන් අද චීනයේ සංචාරය කරයි

0
7

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද (19) දිනයේ දී චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව ජපාන පුවත්පතක් අනාවරණ කරයි.

නිකේ ව්‍යාපාරික පුවත්පත සඳහන් කරන පරිදි එම සංචාරයේ අරමුණ වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති සමුළුව සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී – ජින්පින් දැනුවත් කිරීම බවට වාර්තා වේ.

කිම් ජොං අන් ගුවනින් චීනයට පැමිණීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා මේ වන විටත් ආරක්ෂක විධි විධාන යොදා ඇති බවත්, නිකේ පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here