L.T.T.E සංවිධානය සඟවා තිබූ මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගැනේ

0
87

කිලිනොච්චිය උරුත්තිරපුරම් , නීවිල් ප‍්‍රදේශයේ වගා බිමක ළිඳක් සුද්ධ පවිත‍්‍ර කරමින් සිටියදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ 17 ක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

ප‍්‍රදේශවාසියකු විසින් වගා ළිඳ සුද්ධ පවිත‍්‍ර ඇති අතර එහි තිබී මෙම මෝටාර් උණ්ඩ හමුවී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව  පොලිසිය වෙත දැනුම් දීමෙවන් අනතුරුව ළිඳ තුළ තිබී මෝටාර් උණ්ඩ 17 සොයා ගෙන ඇති අතර මෙම මෝටාර් උණ්ඩ සියල්ල මිලිමීටර 60 වර්ගයේ ඒවා බව වාර්තාවේ.

මේවා දීර්ඝ කාලයක් ළිඳ තුළ තිබීම හේතුවෙන් දිරාපත්ව ගොස් ඇතැයි බවත් පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here