නවකවදය දීමේ සිද්ධියකට ලබුදූව තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ 05ක් අත්අඩංගුවට

0
18

Image result for Labuduwa ATI

ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවියකට නවකවදය ලබාදීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන එම ආයතනයේ ඉගෙනුම ලබන දෙවැනි වසරේ සිසුවියන් සිවු දෙනෙකු හා සිසුවෙකු අද (21දා) අක්මීමන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පළමු වසරේ සිසුවිය විසින් ඉකුත් 19 වැනිදා අක්මීමන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. පරුෂ වචනයෙන් බැණවැදී අමානුෂික ලෙස වදහිංසාවලට ලක්කිරීමේ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට පැමිණිලි කළ සිසුවිය බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here