සමාජ මාධ්‍ය තුළින් දැඩි කතා බහට ලක් වූ නීතිඥ සුගන්ධිකා උසාවියේදී වරද පිළි ගනියි

0
134

අධික වේගයෙන් රිය පැදවීමේ චෝදනාවට වරද පිළිගත් නීතිඥවරියක් වන සුගන්ධිකා ප්‍රනාන්දු අවවාද කර මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය අද (01) නියෝග කරනු ලැබීය.

මෙම නීතිඥවරිය විසින් අධිකරණ පද්ධතිය සහ ඇතැම් නීතිඥවරු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මෑතකදී සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක් විය.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝ මීටර 117ක වේගයෙන් රිය පැදවූයේ යැයි පවසමින් පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර තිබුණි.

තමා මෙම චෝදනාවට වරද පිළිගන්නා බව ඇය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව ඇයව අවවාද කර මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here