රියැදුරන් 10,000 කට අධික පිරිසකට එරෙහි නීතිමය පියවර

0
3

ඊයේ (13) පෙරවරු 06.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රථවාහන නීති උල්ලංඝණය කළ රියැදුරන් 10,147 දෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

එම කාලය තුළ රිය අනතුරු 233ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදු ව ඇත්තේ බීමතින් රිය පැදවීම හේතුවෙන් බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here