දිවියා මරා දැමීම ගැන පරීක්ෂණයක් ඇරඹෙයි

0
17

වඳ වී යෑමේ  අවදානමට පත්ව සිටින ආරක්ෂා කළ යුතු සත්ත්ව ගණයට වැටෙන කිළිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ  දිවියා මරා දැමූ පිරිස්වලට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසීය.

මෙම දිවියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධව තමන් කනගාටු වන බවත් මෙවන් සිද්ධි යළි නොවීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ යුතු බවත් මෙහිදී සිදුවූ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඔවුන් හඳුනාගෙන නිත්‍යනුකූලව දඬුවම් ලබා දීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.

අධිකරණ නියෝගයක් ලබාගනිමින් මියගිය දිවියාගේ හම  පුරවා මතු පරපුරට දැකගැනීම සඳහා  ආරක්ෂා කර තබන බවත් යම් යම් ප්‍රදේශවල සිටින වඳ වී යෑමේ අවදානමක් ඇති  සතුන් හඳුනාගෙන ඔවුන් ආරක්ෂා කරගැනීමට වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී මෙවන් තත්ත්වයන් ඇති නොවන්නට කටයුතු සලසන බවද නියෝට්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here