කිලිනොච්චිය, ආම්බල්කුලම ප්‍රදේශයේදී පහරදී කොටියෙකු ඝාතනය කළ තැනැත්තන්ට එරෙහිව නීතිය වහා කි‍්‍රයාත්මක කළයුතු බව පරිසරවේදීන් අවධාරණය කර සිටී. නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසා මිනිස් කි‍්‍රයාකාරකම්වලින් වන සතුන් ඝාතනයට ලක්වීම දිගින් දිගටම සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.
පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ වන සතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කළ යතු බව ය. කොටියකු මරා දැමීමේ වරදට 30000 – 100000 ත් අතර දඩයක් හෝ වසර 2ත් 5ත් අතර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකටම යටත් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
කිලිනොච්චිය, ආම්බල්කුලම ප්‍රදේශයේදී පිරිසක් පහරදී කොටියෙකු ඝාතනය කළේ ඊයේ දිනයේදී ය. වරින්වර ගම්වැදුනු මෙම කොටියාගේ පහරදීම්වලට ලක්ව පුද්ගලයින් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ඔවුන් පැවසීය. කොටියා අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන්ද ඊයේ(22) පෙරවරුවේ උත්සාහ කළත් එම මෙහෙයුම නතර කර ඔවුන් පිටව ගියේ ප්‍රදේශවාසීන් රාජකාරියට බාධා කරන බව පවසමින් ය. ප්‍රදේශවාසීන් විසින්ම කොටියා කොටුකර ගෙන පහරදී ඝාතනය කර ඇත්තේ ඉන් අනතුරුව ය.