ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස් දැයෙන් සමුගනී

0
66

සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමාකරු වූ ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්ගේ ආදාහන කටයුතු ඊයේ (02) සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස්‌ චතුරස්‍රයේ දී සිදු කෙරිණි.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ද මැති ඇමැතිවරු ද, කලාකරුවන් ද, පවුලේ ඥති හිත මිත්‍රාදීන්ද ඇතුළු විශාල පිරිසක්‌ ආදාහන උළෙලට සහභාගි වූහ.

දේහය රැගත් පෙරහැර ඊයේ පෙරවරු 10.00ට බම්බලපිටිය පිහිටි නිවසින් පිටත් වූයේ කතෝලික ආගමික වතාවත්වලින් පසුව ය.

දේහය කොළඹ නිදහස්‌ චතුරස්‍රයට රථ පෙරහැරකින් රැගෙනවිත් මහජන ගෞරවය සඳහා පස්‌වරු 03.00 දක්‌වා තැන්පත් කර තබන ලදී.

ආදාහන උළෙල පස්‌වරු 03.00 බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ පිළිබඳ කෙටි අනුශාසනාවක් ‌ද සිදුකළහ.

ඔහුගේ සිනමා දිවිය පිළිබඳව සිංහල භාෂාවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ද, ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය ද කතා පවත්වනු ලැබී ය.

මෙම අවස්‌ථාවට සහභාගි වූ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිනමා ශිල්පී සහ ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ගේ මිත්‍රයකුවන අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් ද සිය මිත්‍රයා පිළිබඳ කෙටියෙන් සිය මතකය අවදි කළේ ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ද ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ගේ විශිෂ්ට සිනමා සේවාව පිළිබඳව කෙටි ගුණකථන සිදු කරනු ලැබී ය.

දේහය චිතකයේ තැන්පත් කර ආදාහන කටයුතු සිදුකිරීම කතෝලික ආගමට අනුව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ප්‍රමුඛ පියතුමන්ලා විසින් සිදුකළ ආගමික වතාවත්වලින් පසු සිදු විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here