LNG බලාගාර ටෙන්ඩරය චීනයට දීම නවතියි

0
7

Related image

මෙම ටෙන්ඩරය ලැබීමට සුදුසු දේශීය සමාගම් හා පුද්ගලයන් සිටියදී චීන සමාගමට එය ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ මන්දැයි මෙහිදී අමාත්‍යවරුන් කරුණු විමසා ඇති අතර එහිදී සුදුසුකම් ලත් අනිකුත් සමාගම් සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍යවරුන් කරුණු ඉදිරිපත්කර ඇත.

එබැවින් චීන සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීම අත්හිටුවා එම ටෙන්ඩරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සියලු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට ජාතික ප්‍රසම්පාදන කමිටුව වෙත යොමුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එහි නිර්දේශ සති දෙකක් ඇතුළත ලබාගැනීමටත් ඒ අනුව සුදුසුකම් ලත් සමාගමකට මෙම ටෙන්ඩරය පිරිනැමීමටත් කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවට පැමිණ තිබේ.

මෙම ටෙන්ඩරය චීන සමාගමට ලබාදුන්නේ නම් ඩොලරයේ වෙනස්වීම මත රුපියල් බිලියන 50ක පමණ අලාභයක් සිදුවන ඇති බව ක්ෂේත්‍රයේ නිලධාරීහු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here