දුර ගමන් බස් සේවා තවදුරටත්

0
5

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

පෙර දිනවලට සාපේක්ෂ ව ඊයේ (13) දිනයේ මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බව එහි සභාපති රමාල් සිරිවර්ධන ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් දිවා රාත්‍රී ක්‍රියාත්මකවන පරිදි ප්‍රමාණවත් ලංගම බස් රථ පිටකොටුව – මධ්‍යම බස් නැවතුම්පලේ සිට දිවයින පුරා පිහිටි ගමනාන්තවලට යොදවා ඇති බව ඔහු සඳහන් කරයි.

එය අද (14) සහ හෙට (15) ද අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.

බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ නැවතුම්පලේ සිට සෑම ප්‍රදේශයකටම බස් රථ යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here