“මහේල කිව්ව නිසා දැම්මා,ඒ නිසා පැරදුණා” – මුම්බායි

0
461

Image result for rohit - mahela

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. තරගය ජයගැනීම සඳහා රාජස්ථාන් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 10 ක් රැස්කිරීමට සිදුවූ අතර අවසන් ඕවරයේ දෙවැනි සහ සිව්වැනි පන්දුවලට හතරේ පහරකින් සහ හයේ පහරකකින් සංග්‍රහ කළ ක්‍රිෂ්නප්පා ගෞතම් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 11 කට මුහුණදුන් ගෞතම් හයේ පහර 2 කින් සහ හතරේ පහර 44 කින් සිය ඉනිම සැරසීය.

සංජු සැම්සන් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක්ද, බෙන් ස්ටෝක්ස් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සම ලකුණු 40 ක්ද රැස්කරමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

කෙසේ වෙතත් අවසාන පන්දු 4 ට ලකුණු 6 අවශ්‍යව තිබියදී මහේල ජයවර්ධන රෝහිත් ශර්මා ලගට ගෙන්වා උපදෙස් ලබාදුන් අතර එම උපදෙස රෝහිත් ශර්මා විසින් එය පන්දු යවන හාර්දික් පාන්ඩයා හට කියා සිටියේය.නමුත් මීලග පන්දුවට 6 පහරක් එල්ල කල ක්‍රිෂ්නප්පා ගෞතම් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here