විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න හිටපු ජනපති මහින්ගෙන් අනුරට කොන්දේසියක්

0
49

Related image

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහය අවශ්‍යනම් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් නොමැතිනම් ඒකාබද්ධ විපක්ෂයේ සහය බලාපොරොත්තු නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක්‌ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මැයි 08 වැනිදායින් අරඹන නව පාර්ලිමේන්තු සැසියේදී සභාවට ඉදිරිපත් කරන බව විජිත හේරත් මහතා කීවේය.

මෙම සංශෝධනය හෙට (19 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය කල් තැබූ නිසා එය මැයි මස දක්‌වා ප්‍රමාද වන බවද විජිත හේරත් මහතා කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here