උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට මහින්ද මැදිහත් වෙයි

0
7

චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට තමා කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (18) අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඊයේ එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

තමාගේ හිතවතෙක් වශයෙන් ඕනෑම වේලාවක එවැනි ආරාධනයක් කළහොත් උදයංග වීරතුංග නිසැකයෙන්ම මෙරටට පැමිණෙන බව ද හෙතෙම එහි දී වැඩිදුරටත් පැවසී ය.

වත්මන් ආණ්ඩුව උදයංග වීරතුංග අල්ලා ගැනීමට දරණ උත්සහය අර්ජුන මහේන්ද්‍රන් වැනි පුද්ගලයෙකු අල්ලා ගැනීමට යෙදවුයේ නම් එය ප්‍රතිඵල සහිත බව ද ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් අගමැතිවරයාගේ මිතුරෙකුවන බැවින් මෙරටට ගෙන්වා ගැනීමට කතා කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here