මහින්දානන්දගේ නඩුව විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කෙරේ

0
7

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අලුතින් ස්ථාපිත කෙරෙන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පැවරීමට ඇති ඉඩකඩ පිළිබඳව අධ්‍යයනය කරන බව අල්ලස් කොමිසම අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ය.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම බව අධිකරණයට දන්වා සිටියේය.

මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුව අලුතින් ස්ථාපිත කෙරෙන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල වෙත යොමු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

මීට අදාළව අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ ය.

ඒ අනුව නඩුව නැවත සැප්තැම්බර් මස 4 වැනි දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළේ ය.

ඉකුත් රජය සමයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිල දී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම අදාළ පැමිණිල්ල කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

අද දින පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගිවීම නිසා සැකකාර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ බව තහවුරු කරන පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ ලිපියක් ද ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here