(UPDATE) ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

0
56

ගායන ශිල්පිනියකවන ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර, කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ නිවසේ දී ප්‍රියානි ජයසිංහ එලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඊයේ (08) රාත්‍රියේ දී ය.

සිද්ධියෙන් අනතුරුව ඇගේ සැමියා ප්‍රදේශය අතහැර පලාගොස් තිබූ අතර, පානදුර දුම්රිය ස්ථානය අසළ දී සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here