ගංජා කිලෝ 60ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

0
6

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 60ක් සමග සැකකරුවෙකුව මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලීසියට බාර දී ඇත.

ඊයේ (25) රාත්‍රීයේ කල්පිටිය, එරඹුගොඩැල්ල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කේරළ ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය, එරඹුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුට අයත් කුඩා නිවසක මෙම ගංජා තොගය සඟවා තිබී ඇත.

කිසියම් අයෙකු පැමිණ නැවත රැගෙන යන තුරු ගංජා තොගය සහිත පාර්සල් තමන්ට බාර දුන් බව සැකකරුකරු වැටලීම කළ නිලධාරීන් හමුවේ පවසා ඇත.

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගය ඔස්සේ ගෙන ආ බව කියන කේරළ ගංජා තොගය පිටස්තර ප්‍රදේශයකට රැගෙන යන තුරු මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

සැකකරු සහ ගංජා තොගය පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

කල්පිටිය පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here