”මංගල මහින්දගෙනුත් සමාව ගන්න ඕනේ” – බන්දුල ගුණවර්ධන

0
7

පසුගිය ආණ්ඩුව සමයේ තෙල් මිල පිළිබඳ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍ය මංගල සමරවීර සමාව ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.

මංගල සමරවීර අමාත්‍යවරයා පැවසු පරිදි පසුගිය ආණ්ඩු සමයේ කිසිදු අවස්ථාවක බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 40ක් නොවු බව මන්ත්‍රිවරයා පැවසී ය.

අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවක දි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මේ බව පැවසී ය.

එමෙන්ම මංගල සමරවීර අමාත්‍යවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම තෙල් මිල සම්බන්ධයෙන් විවාධයකට ආරාධනා කිරිම ද විහිලුවක් වි ඇති බව ද මන්ත්‍රිවරයා එහි දි ප්‍රකාශ කළේ ය.

මංගල සමරවීර අමාත්‍යවරයා තෙල් මිල සම්බන්ධයෙන් කළ අසත්‍ය ප්‍රකාශ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළා නම් එය එතරම් ප්‍රශ්නයක් නොවන අතර වගකිවයුතු අමාත්‍යවරයෙක් මෙවැනි ප්‍රකාශ කිරීමේන් ජාත්‍යන්තර ගැටළු පවා ඇති විය හැකි බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා එහි දි පැවසී ය.

මෙම මාධ්‍ය හමුවට පැමිනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල් . පිරීස් පැවසුවේ වර්මන් ආණ්ඩුව මේ වන විට ජනතාවට නාට්‍යයක් රඟ දක්වමින් සිටින බව ය.

මහජනතාවට මුහුණ දීමට සිදුවන දැවෙන ප්‍රශ්න අමතක කිරිම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ වු දේශපාලනමය මාතෘකා කරළියට ගෙන එමින් සිටින බව ද මහාචාර්යවරයා එහිදි වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here