අඩු මිලට වැලි ගන්න වෙළඳපොළක්

0
13

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

එය ගම්පහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී ලබන අගෝස්තු මස සිට ඇරඹීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාලයේ දී පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් සහ එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙලගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් සහ වැලි තොග ගබඩා කිරීමේ ස්ථානය නිරීක්ෂණය කිරීම පසුගියදා සිදු කෙරිණි.

එහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ වැලි මිල අධික ලෙස ඉහළ ගොස් බැවින් ඉදිකිරීම් සඳහා සහනයක් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දැනට වෙළෙඳ පොලෙහි රුපියල් 18,000ක් පමණවන වැලි කියුබ් එකක් රුපියල් 5000ක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවත් මෙය අගෝස්තු මස මුල දී ආරම්භ කෙරෙන අතර වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිල දී ගතහැකි වන බවත් ය.

මෙම අවස්ථාවේ දී එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල පවසා සිටියේ නිවාස ඉදිකරන්නන් සදා සහන මිලකට වැලි ලබා දෙන අයුරින් කළුගල් ඇතුලු ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙළක් ද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ඇති කිරීමට සැලසුම් කොට ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here