මාතර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙකු හඳුනා ගනී

0
16

හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට

මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

හබරකඩ වසන්ත නමැති එම පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වී ඇති අතර, අදාළ සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නිවසේ සිටින ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය නිවස පරීක්ෂා කර තිබේ.

එහි දී මාතර වෙඩි තැබීම සිදු කිරීමට රැගෙන ආ බවට සැක කළ හැකි රිවෝල්වරයක්, ජීව පතොරම් 04ක් හා හිස් පතොරම් කොපු 02ක් නිවසේ සැඟව තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ අවස්ථාවේ දී සැකකරුගේ බිරිඳ නිවසේ සිට ඇති අතර, ඇයගේ අනුදැනුම මත මෙම භාණ්ඩ නිවස තුළ සඟවා තිබී ඇති බැවින් පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here