අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

0
17

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා එලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව එහි සභාපති හසිත තිලකරත්න සඳහන් කරයි.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල සටහන් කර ඇත්තේ රුපියල් 76ක් ලෙසයි.

මෙම ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරන බව ද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ ය.

ජීවන වියදම් කමිටුවේ දී ගනු ලැබූ තීරණයකට අනුව මෙම මිල තීරණය කිරීම් සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ඊයේ (05) රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ දී ද සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here