වෛද්‍ය වර්ජනයෙන් ලේ දන්දීමට බාධා

0
4

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ලේ දන්දීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

එම මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද (09) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මේ අතර තෝරාගත් සේවා කිහිපයක දීමනා හා වැටුප් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය අද අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය කක්‍රියාමාර්ගයක නිරත වේ.

ගණකාධිකාරීවරුන්ට අමතරව දේශීය ආදායම්, විගණන සහ ආයුර්වේද වෛද්‍ය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව වාර්තා වේ.

වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී අද (09) පස්වරුවේ විරෝධතාවක් සිදුකරන බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් පෙරේරා කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here