“පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන අයගේ මන්ත්‍රීධූර අහෝසි කරනවා‘‘-මහින්ද සමරසිංහ

0
2
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපා හැර නීතිය මගින් ඔවුන්ගේ මන්ත්‍රී ධුරයද අහෝසි කිරීමට කටයුතු කරන බව වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ ප්‍රකාශ කරයි.
ඊයේ (5) ක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට අනුබල දීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව හෙතෙම පෙන්වා දී තිබේ.
ඔවුන්ට එරෙිහව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එහි සිටින ඉහළම කෙනාගේ සිට පහළම කෙනා දක්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්,ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මෙම පිරිස පක්ෂය විනාශ කිරීමට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් නිකම් බලාසිටිය නොහැකි බවත් ඔහු කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here