දිවයින පුරා පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී වරෙන්තුකරුවන් 423 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයාගේ නියෝග මත ඉකුත් 26 වැනි දා රාත්‍රී 10.00 සිට 12.00 දක්වා සහ 27 වැනි දා අලුයම 03.00 සිට 05.00 දක්වා එම මෙහෙයුම සිදු කර ඇත. ඒ සඳහා පොලිස් නිලධාරින් 14,070ක් සහභාගී වී ඇත.
එහි දී බීමත් රියදුරන් 650ක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 635ක්, නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගත් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටී.
එසේම, හෙරොයින් සහ විෂ මත්ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයින් 531 ක්, බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ සහ අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයින් 78 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේ ම එම මෙහෙයුමේ දී රථ වාහන නඩු 5254ක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.