දින 03 ඇතුළත සැකකරුවන් 600කට වැඩි පිරිසක් අත්අඩංගුවට

0
6

ඉකුත් දින 03 ඇතුළත දී සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 600කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙසක් උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් මස 23 වැනි දා සිට මැයි මස 03 වැනි දින දක්වා විශේෂ අධීක්ෂණ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබිණ.

ඒ අනුව පසුගිය දින 03 තුළ දී වැටලීම් 850කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි දී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි දින කිහිපය තුළ දී අදාළ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු පැවරීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වැටලීම් විශ්ලේෂණය කිරීමේ දී උතුර, නැගෙනහිර හා උතුරු මැද යන පළාත්වලින් අඩු සුරා අපරාධ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here