මිස්ටර් බීන් තමාට වඩා වසර 30කින් ලාබාල වූ තරුණියක සමග නැවත විවාහ වෙයි (PHOTOS)

0
251

මිස්ටර් බීන් චරිතය නිස ලෝකප්‍රකට වූ ‘මිස්ටර් බීන්’ හෙවත් ඇට්කින්ස්ටන් වසර 24 ක් වූ සිය පළමු විවාහට සමුදී තිබෙනවා.‍

ලෝකයේම අවධානය දිනාගත් මොහු සිය ප්‍රථම විවාහයේ වූ  ගැටළුකාරී තත්වයන් හමුවේ මෙලෙස සිය බිරියගෙන් දික්කසාද වී ඇති අතර එයට වන්දි වශයෙන් පවුම් මිලියන 10 ක මහා මන්දිරයක් ඇතුළු සුවිශාල වන්දියක් සිය බිරිය හා දරු දෙදෙනාට ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වනවිට මිස්ටර් බීන් ඔහුට වඩා අවුරුදු 30 කින් පමණ ළබාල නිළියක හා එක්ව ජීවත්වන අතර 63 හැවිරිදි වියේ පසුවන ඔහු මෙම නව විවාහයෙන් අනතුරුව නැවතත් පිය පදවිය ලබා තිබෙනවා. ඒ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

ඔහුගේ පළමු විවාහයේ කාන්තාව වූ සුනේත්‍රා සාස්ත්‍රි බීබීසී රුපවාහිනී නාලිකාවේ මේකප් ශිල්පිණියක ලෙස කටයුත් කර ඇති අතර 1990 වර්ෂයේ ඇරඹි පෙම් සබදතාවයකින් පසුව විවාහ වූ මොවුන්ට එම විවාහයේ දරුවන් දෙදෙනෙකු සිටී.

නමුත් ඔහුගේ නව පෙම් සබඳතාවය ආරම්භ වීමත් සමග ඔහු සුනේත්‍රා සාස්ත්‍රිගෙන් වෙන්වීමට නිරන්තරයෙන්ම උත්සාහ දරා තිබුණා.

ලුයිස් ෆෝර්ඩ් නමැති 34 හැවිරිදි නිළිය සමග ඔහු පැවැත්වූ සම්බන්ධය දරුවෙකු ලැබීම දක්වා දුරදිග යන ලකුණු පහළ වීමත් සමග ඔහු මුල් විවාහයෙන් ඉවත්වීමටපෙර තීරණය කර තිබෙනවා.

මෙම දික්කසාදය හේතුවෙන් ප්‍රථම විවාහයේ බිරිඳ විශාල වන්දි මුදලක් ඉල්ලා තිබෙන අතර එසේ හෙයින් මෙම දික්කසාදය එතරම් ලෙහෙසියෙනන් ලැබී නොමැත.

පවුම් මිලියන 100 ක වත්කම් ඇති නළුවෙකු වූ මොහු වත්කම් පිළිබද දීර්ඝ නඩු වාර වලින් පසු පසුගිය සතියේ හිටපු බිරියට එංගලන්තයේ කොස්ට්වොල්ඩ්ස්හි ඇට්කින්ස්ටන්ට අයත් පවුම් මිලියන 10 ක මහා මන්දිරය පිරිනමා එම විවාහයෙන් ඉවත්වීමට එකගතාව පළ කර තිබෙනවා.

  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here