අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස තංගල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි වාර්තා වේ.
ඒ ඉකුත් 06 වෙනිදා හම්බන්තොට පැවැති විරෝධතාවයේ දී අධිකරණ නියෝග කඩකිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදුදේපල වලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේය.
මෙම විරෝධතාවයේ දී අත්අඩංගුවට ගැනුණු කාන්තාවන්ද ඇතුළු 28 දෙනෙක් ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි සනත් අමරසිංහ සහ හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අබේසිංහ මහතා ඇතුළු පිරිසක් පෙනී සිටි අතර සැක කරුවන් වෙනුන් ප්‍රේම ලාල් දොලවත්ත ඇතුළු නීතිඥවරු පහළොවක් පෙනී සිටියහ.