නව කැබිනට්‌ මණ්‌ඩලය දිවුරුම් දීම අද

0
12

රජයේ නව කැබිනට්‌ මණ්‌ඩලය දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරු 10.00 ට සිදු කෙරේ.

ඒ සඳහා සහභාගිවන ලෙස අදාළ ඇමැතිවරුන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉකුත් 29 වැනි දා දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන එම දිවුරුම් දීමේ අවස්‌ථාවෙන් පසුව කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම කැබිනට්‌ සංශෝධනයේ දී සමෘද්ධි අමාත්‍යංශය එජාපයටත්, සංස්‌කෘතික අමාත්‍යංශය ශ්‍රීලනිපයටත් ලබා දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මූල්‍ය අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් ඇමැති ධුරයෙන් ඉවත් වූ රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට ඉදිරි කැබිනට්‌ සංශෝධනයේ දී ඇමැති ධුරයක්‌ ලබා නොදීමේ දැඩි තීරණයක ජනාධිපතිවරයා පසුවන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here