මුම්බායි පිළට හදුන්වා දුන් අලුත්ම පන්දු යවන්නාගේ හැකියාවන් ගැන මහේල කතා කරයි

0
161

Image result for Mayank markande mumbai

IPL 2018 තරඟාවලියේ පළමු තරඟයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩෙවොන් බ්‍රාවෝ වෙතින් අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන තරඟය පිළිබඳව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමඟ අදහස් දක්වා ඇත.බ්‍රාවෝ වැනි පිතිකරුවෙකු ලකුණු අතරට පැමිණි විට නතර කිරීම ලේසි පහසු නොවන බවද මහේල මෙහිදී පවසා ඇත.

“අපි කවුරුත් දන්නවා,බ්‍රාවෝ කියන්නේ හොඳ පිතිකරුවෙක්,ඔහු හොඳ සැලසුමකට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්.ඒ නිසා මේ ප්‍රහාරය ගැන පුදුම වෙන්න අවශ්‍ය නෑ.චෙන්නායි පිතිකරු ලයිස්තුවේ පිටිපස්සෙන් ආවට බ්‍රාවෝ මොනවා හරි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියන එක අපේ අය දැනගෙන හිටිය.අපේ පන්දු යවන්නෝ 17 වෙනි පන්දුවාරය වෙනකන් හොඳ සැලසුමකට පන්දු යැව්වා.T20 තරඟවල හැටි මෙහෙම තමයි,එක ක්‍රීඩකයෙක් රිද්මයට ආවොත් සම්පුර්ණ තරඟයක් කණපිට පෙරලෙන්න පුළුවන්.”

තරඟයේ පන්දුවාර 4ක් තුල ලකුණු 23ක් පමණක් ලබාදී ප්‍රබල කඩුලු තුනක් බිඳ දැමු මයාන්ක් මර්කන්ඩ් පිළිබඳවද මහේල විශේෂයෙන් අදහස් දක්වා ඇත.”අපි දැනගෙන හිටිය මයාන්ක් කියන්නේ හොඳ පන්දු යවන්නෙක් කියන එක,ඔහු පුහුණු කඳවුරු වලදීත් හොඳට කළා,එයා වගේම තමයි රාහුල් චහාර් ඔහුත් දක්ෂ පන්දු යවන්නෙක්,මේ පන්දු යවන්නෝ තරඟාවලියේ ලොකු වෙනසක් කරයි.මේ තරඟාවලිය තමයි ඔවුන්ට වැඩ පෙන්නන තියන හොඳම අවස්තාව.’

මහේල වැඩි දුරටත් පවසා ඇත්තේ මයාන්ට් සෙසු පා දඟ පන්දු යවන්නන්ගෙන් වෙනස් වන ක්‍රීඩකයෙකු බවය.”මයන්ට්ගේ පන්දු යැවීම සාමාන්‍ය පා දඟ පන්දු යවනන්ට වැඩිය ටිකක් වෙනස්,ඔහු පන්දුව මුදා හරිද්දී,සම්පුර්ණ පාලනයක් තියනවා,අනිත් එක පන්දුවල හොඳ විවිදත්වයක් තියනවා,ඔක්කොටම වැඩිය වැදගත් වෙන්නේ තරඟයේ පීඩනය එක්ක පන්දු යවන විදිය,ඇත්තටම හොඳ පන්දු යවන්නෙක්.අපි බලමු ඉස්සරහ තරඟවල මොනවා වෙයිද කියල.”යැයි මහේල පැවැසිය.

මුම්බායි කන්ඩායම සහභාගී වන මීළග තරගය 12 වැනිදා සන්රයිසස් හයිද‍්‍රාබාත් කණ්ඩායම සමග පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here