වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා නව තාක්ෂණය භාවිත කර වැඩපිළිවෙළක් සකස් කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසයි.
අලි ගම් වැදීම වැළැක්වීමට මේ වනවිට අලි වැට ඉදි කර තිබුණ ද එය 100% සාර්ථක වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
නව තාක්ෂණය භාවිත කර මන්නාරම දුම්රිය මාර්ගයේ අත්හදා බැලීම් සිදු කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ඉදිරියේ දී අලීන් ගම් වැදීම වැළැක්වීම සඳහා සයිරන් නාදයක් භාවිත කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.