උතුරු කොරියාවට මත්පැන් තහනම් වෙයි

0
29

තම රටට බලපා ඇති ආර්ථික සම්බාධක හමුවේ ඒවාට තරමක්‌ හෝ මුහුණදීමේ අරමුණෙන් උතුරු කොරියානු නායක කිම් ජොං උන් විසින් එරට ජනතාව මත නව ක්‍රියාදාමයන් කීපයක්‌ නීති රෙගුලාසි මගින් පනවා තිබේ.

දකුණු කොරියනු බුද්ධි අංශ විසින් නීති සම්පාදනය කරන්නන්ට ලබාදුන් තොරතුරුවල මෙසේ සඳහන්වන බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.

ඒ අනුව කණ්‌ඩායම් වශයෙන් ඒකරාශී වීම, විනෝදවීම, බීම පානය, ගායනය, රැස්‌වීම් පැවැත්වීම මහජනයා වෙත තහනම් කර ඇත. ආර්ථික සම්බාධකවලින් දැනෙන පීඩනය තරමක්‌ හෝ දරා ගැනීමට මෙයින් බලාපොරොත්තුවන බව සඳහන්. දැනට එරට සිදුවන න්‍යෂ්ටික උපකරණ හා දිගු දුර බැලිස්‌ටික්‌ මිසයිල අත්හදා බැලීම් සහ එම ක්‍රියාදාමයන් නැවත්වීමට බල කිරීම සඳහා මෙම ජාත්‍යන්තර සම්බාධක පනවා තිබේ.

පියොංයෑං පාලනය විසින් ඕනෑම එක්‌රැස්‌වීමක්‌ තහනම් කර ඇති අතර බාහිර තොරතුරු පාලනය ද තරකර ඇති බව දකුණු කොරියානු බුද්ධිඅංශ තවදුරටත් වාර්තා කර ඇත.

දැනටමත් තදබල ලෙස පාලනයටත්, කොන්දේසි වලටත්, උතුරු කොරියානු වැසියන්ට යටත් ව ජීවත්වීමට සිදුව ඇත. ඔවුන්ගේ විදේශ ගමන්බිමන් පවා සීමා වී ඇත. බාහිර මාධ්‍යයන් සමග කෙරෙන්නා වූ තොරතුරු සංවාදයන් විමර්ශනය කෙරෙන අතර දැඩි පාලනයටත් දඬුවමටත් යටත් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here