උතුරු කොරියාවේ න්‍යෂ්ටිකකරණය ගැන ට්‍රම්ප් කතා කරයි

0
4

Image result for trump and jong un

උතුරු කොරියාවට සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණය වීමට නිශ්චිත කාල පරාසයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කලබලයට පත්නොවිය යුතු බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් උතුරු කොරියානු ක්‍රියාවලිය වඩාත් වේගවත් විය යුතු බවට මීට පෙර ට්‍රම්ප් පළ කළ අදහසක් සම්පූර්ණයෙන් කණපිට හැරවීමක් බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය මාසයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර ඓතිහාසික හමුවක් සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, මෙහිදී උතුරු කොරියාවේ න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

එහිදී, ඇති කරගත් සිංගප්පූරු සම්මුතියෙහි මෙම කාරණා ඇතුළත් වුවත් එම න්‍යෂ්ටිකහරණය වෙනුවෙන් නිශ්චිත කාලසීමාවක් එහි දක්වා නොතිබුණි.

කෙසේ වෙතත්, පසුගිය ජුනි මස 12 වැනිදා නායක දෙපළ අතර සිදුවූ සාකච්ඡාවලින් පසුව මෙම න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය ඉතා මන්දගාමී ස්වරූපයකින් ඉදිරියට යන බව විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here