ඉන්ධන මිල ඉහළට

0
3

ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඩීසල් ලීටරයක් රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කට, ඩීසල් ලීටරයක් රුපියල් 118කට සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129කට අලෙවි කිරීමට නියමිතය.

මෙම මිල වැඩි කිරීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල සමාන මිලකට ඉන්ධන අලෙවි කරනු ඇත.අද (10දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙන අතර, ඇමතිවරුන් කිහිප දෙනෙකු ඊට දැඩි විරෝධය පළකර ඇතැයිද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here