O/L අයදුම්පත් කැඳවීම අද සිට

0
51


2017 වසරේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අද (04) සිට සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අයදුම්පත් භාර ගැනීම මැයි මස 31 වැනිදායින් අවසන්වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
අදාළ අයදුම්පත් මේ වනවිටත් විදුහල්පතිවරු වෙත තැපැල් මගින් යොමුකර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාළ ආදර්ශ අයැදුම්පත සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවනු ලබන නගර ලේඛණය ද පුවත්පත් මගින් ප්‍රසිද්ධ කර තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 12 වැනි දා සිට 21 වැනි දා දක්වා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here