අර්ජුන් ඇලෝසියස්ගේ සිම් කාඩ් ගැන තොරතුරු දෙන්නැයි නියෝග

0
3

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස්ට අයත් ජාතික හැදුනුම්පත් අංකයට සහ විදේශ ගමන් බලපත‍්‍රයට අදාළව නිකුත් කර ඇති සියලු සිම් කාඩ්පත් සහ විද්‍යුත් උපාංගවලට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට නියෝග කළාය.
 
මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වූ අර්ජුන් ඇලෝසියස්ට අයත් ජංගම දුරකතනය සිංගප්පූරුවේ නාන තටාකයක වැටීමෙන් විනාශ වී ගිය බවට ඔහු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ප‍්‍රකාශ කළ ද මෙම විමර්ශනයට අදාළව එම විනාශ වූ සිම්පතට අදාළ දත්ත ලබාගැනීමේ අවශ්‍යතාවක් ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here