තම දෙහැවිරිදි දරුවා මියයන තුරු පහරදුන් බවට සැකපිට දෙමව්පියන් අත්අඩංගුවට

0
11

තම දෙහැවිරිදි පිරිමි දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මව සහ පියා ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මාළිගාවත්ත, හිජ්රා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වූ දරුවෙකු සැක කටයුතු ලෙස මියයාමෙන් පසු මරණ පරීක්ෂණයකින් තොර ව අවසන් කටයුතු සිදුකිරීමට සුදානම්වන බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබී ය.

එහි දී පරීක්ෂණ පැවැත් වූ පොලීසිය හමුවේ දරුවාගේ මව්පියන් පවසා ඇත්තේ රුධිරගත සීනි මට්ටම වැඩිවීම හේතුවෙන් දරුවා මියගිය බවයි.

කෙසේ වෙතත් දරුවාගේ පාදයේ තිබූ තුවාලයක් පිළිබඳ සැක සිතී දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීම පොලිසිය විසින් වළක්වනු ලැබී ය.

පසුව අධිකරණ නියෝග මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (15) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිව තිබුණේ මොට බලයක් යොදා සිදුකළ පහරදීමකින් ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් එම දෙහැවිරිදි දරුවා මියගොස් ඇති බවයි.

ඒ අනුව දරුවාගේ මව සහ පියා සැකපිට මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (16) දිනයේ දී අලුත් කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here