නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන පාර්ලිමේන්තු විවාදය අද

0
2

චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (19) දිනයේ පැවැත්වීමට නියමිත ව තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ලෙස අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 10.30 සිට දිනය පුරා මෙම විවාදය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු මෙම විවාදයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කරයි.

මෙම විවාදය සඳහා සාර්ථකව මුහුණ දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පවසයි.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන විවාදයට, විදේශගතව සිටින බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here