පර්පෙචුවල් ට්‍රෙෂරීස් අවස්තා 45,000කදී අල්ලස් දුන් පුවත බොරුවක් – පොලිසීය කියයි

0
3

Related image

ඇලෝසියස්ගේ සමාගම්වලින් අවස්ථා 45,000කදී අල්ලස් ලබා දී ඇති බවට රහස් පොලීසිය විසින් හෙළි කරගෙන ඇතැයි යන  ප්‍රවෘත්තිය නිවැරදි පුවතක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද විමර්ශනවලදී ඒ ආකාරයට අවස්ථා 45,000කදී අල්ලස් ලබා දීමක් පිළිබඳව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බවත් අදාළ සමාගමේ මූල්‍ය  ගනුදෙනු පිළිබඳව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙය වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here