අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙක් බිල්ලට ගනී

0
7

මහනුවර යාපනය මාර්ගයේ නිල්දිය උයන ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් මාර්ගයේ රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු සහ මෝටර් රථයේ ගමන් කළ සිව් දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

රියැදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ 49 හැවිරිදි මාතලේ තිත්තවැල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) සිදු කිරීමට නියමිත අතර මාතලේ පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here