ගෙළ මිරිකා ඝාතනය කළ පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

0
13

විමර්ශනයකට ගොස් සිටිය දී හිමිනමක් විසින් ගෙළ මිරිකා ඝාතනය කළ රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත සැරයන්වරයා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ.

පොලිස්පතිවරයා මෙම තීරණයට එළැඹ ඇත්තේ මෙම නිලධාරියා රාජකාරී ඉටු කිරීමට යාමේ දී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් ය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්නපුර, ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ රත්නපුර මහේස්ත්ත්‍රා සාලිය චන්දන අබේරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here