යාපනයේ පොලිස්‌ නිවාඩු අවලංගු කරයි

0
3

යාපනය දිස්‌ත්‍රික්‌කයේ පවතින අයහපත් වාතාවරණය යථා තත්ත්වයට පත්වන තුරු වහාම ක්‍රියාත්මකවන පරිදි එම දිස්‌ත්‍රික්‌කයේ රාජකාරි කටයුතුවල නිරත සියලු පොලිස්‌ නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (04) සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය පියවර ගෙන ඇත.

යාපනයේ සිදුවන “ආවා ගෲප්” කල්ලියේ අපරාධ ක්‍රියා කාරකම් ඇතුළු තවත් සිදුවීම් සැලකිල්ලට ගනිමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු පොලිස්‌ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට යාපනය දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ක්‍රියාත්මක කිරීමට එම තීරණය ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසී ය.

යාපනයේ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට සහ පොලිස්‌ ජංගම සේවා ගැන සොයා බැලීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර එළැඹෙන 07 වැනි දා එම දිස්‌ත්‍රික්‌කයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු විසින් මේ සඳහා සහාය ලබා ගැනීමට වවුනියාව හා මන්නාරම යන පොලිස්‌ කොට්‌ඨාසවලින් ද අමතර පොලිස්‌ නිලධාරීන් 100 කට ආසන්න පිරිසක්‌ යාපනය පොලිස්‌ කොට්‌ඨාසය වෙත කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here